Wednesday, September 30, 2009

මගේ ගීය

3 මිතුරු නවාතැන



ගී දහක්
තනන්නට,
රිද්මයක්
සොයන්නට
සිත
හුදකලාවෙම
ගව් සියක්
දුර ඇවිද්දා....
කඳු මුදුනකට
නගිනා
පවන් රැල්..
හෙලේ නලියන
මිහිදුම් පටල ඉරා..
මට තාලයක් කිවුවා....

මල් යායෙ...
විසිරුණු
පුංචි මල් පෙති
වදන් ලෙස පෙරැළී..,
පදවැලක් වුවා...
මං ගහ වැලට
ඒ තාල මුහු වුනු
සත්සරය ගැයුවා...

ගඟ රැළි දමා ඇඳි,
දුහුල් සළු ලෙලවා....
මගේ ගීයේ රිද්මයට නැටුවා..